පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා අධීක්ෂණය වන මෙම පාසල 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥා පනතේ 51 වන වගන්ති ප්‍රකාරව පිහිටුවා ඇත. මෙම පාසල වෙත අධිකරණ නියෝග මත අවුරුදු 12 – 16 අතර නීතිය සමඟ ගැටුණු දරුවන් වසර 3ක් පුනරුත්ථාපනය සදහා යොමු කරයි.
මෙම දරුවන් හට විධිමත් පාසල් අධ්‍යාපනය ලබාදෙන අතරතුර ඊට සමගාමීව ආයතනය පරිශ්‍රය තුළදී රූපලාවන්‍ය පාඨමාලා අත් කම් වැඩ කෘෂි කාර්මික පුහුණුව කේක් පාඨමාලා.මැහුම් පාඨමාලා ආදී අවස්ථානූකූලව විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන් ද ,චිත්‍ර ,ජීවන කුසලතා ආදී පුහුණු වැඩසටහන් සඳහා ද දරුවන් යොමු කරන අතර එමගින් ඔවුන්ගේ ආතතිය අවම කිරීම මානසික සමබරතාව පවත්වාගෙන යාම හා අනාගත අරමුණු සංවර්ධන කිරීම මගින් නිවැරදි ජීවන තත්වයක් ලඟා කර ගැනීමට රුකුලක් ලබා දෙයි.
බාලිකා සහතික කල පාසල,
රම්මුතුගල,
කඩවත.
පාසල්පති
කමනි දීපිකා මහත්මිය