ප්‍රමුඛ ක්‍රියාකාරකම්

අනාථ, අත්හල, අසරණ,අපයෝජනයට ලක් වූ හා අධිකරණ නියෝග මත යොමු කෙරන දරුවන් හට මානසික හා කායික රැකවරණය සැලසීම, පුනරැත්ථාපනය හා සමාජගත කිරීම

  • ආයතනගත ළමුන්ට භාරය ආරක්ෂාව සැලසීම, අධිකරණ නියෝග මත තාවකාලික රැඳවුම් භාරය හා පහසුකම් ලබා දීම
  • ළමා සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන් හා රජයේ මධ්‍යස්ථානගත ළමුන්ට පාසල් හා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම හා විවිධ වැඩමුළු, සංස්කෘතික, ආගමික උත්සව පැවැත්වීම මගින් එම දරුවන් සමාජගත කිරීමට පසුබිම නිර්මාණය
  • ආයතනගත ළමුන් රැකියා ගත කිරීම
  • විවාහ වීමේ නිසි වයස් පූර්ණත්වයට පත් ආයතනගත තරුණ තරුණයින් විවාහ කරදීමට අවශ්‍ය පහසුකම් සැලසීම
  • නීත්‍යානුකූලව දරුවන්  දරුකමට  හදාවඩා  ගැනීමට භාරදීම
  • ආයතනගතවූ ළමුන් දෙමාපියන්ට, ඥාතීන්ට, භාරකරුවන්ට භාරදීම
  • නිවාසගත ළමුන්ගේ සුබ සාධනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් දීමනා ලබා දීම
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නැවත ලියාපදිංචි කිරීම
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිති මට්ටම් ඉහල නැංවීම සහ මධ්‍යස්ථාන ශ්‍රේණිගත කිරීම
  • ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල අලුත්වැඩියාවන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීම
  • ළමා වරදකරුවන් සහ වින්දිතයින් සඳහා තොරතුරු ලබා ගැනීමේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ පරිවාස ඒකකය ක්‍රියාත්මක කිරීම

ආයතනගත වීම අවම කිරීම 

  • අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට සිසුමිණ ශිෂ්‍යාධාර වැනි අධ්‍යාපන ආධාර ලබාදීම මගින් ඔවුන්ගේ අධ්‍යාපනකටයුතු නංවා ලීම
  • පළාතේ සිටින ආයතනගත වීමේ අවදානම ඇති අඩු ආදායම් ලා‍‍‍භී පවුල් වල දරුවන්ට පාසල් උපකරණ ලබා දීම හා ඒම පවුල් සවිබල ගැන්වීමට ආධාර ලබා දීම
  • සුදුසු පුද්ගල භාරකාරත්වය, පරිලෝචන නියෝග හා පරිවාස නියෝග යටතේ ළමුන් හා වැඩිහිටියන් සමාජය තුල සිටියදීම රැකබලා ගැනීම
  • ළමා අපයෝජනය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ළමුන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම

දෙපාර්තමේන්තු සැලසුම් හා කළමණාකරණ මට්ටම ඉහළ නැංවීම 

  • අධිකරණ සඳහා නිර්දේශ වාර්තා ලබා දී සහයවීම හා පවුල් ගැටුම් නිරාකරණය කිරීම
  • දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන 17 හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
  • කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා සේවක සුබසාධන කටයුතු සංවිධානය කිරීම