පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා අධීක්ෂණය වන මෙම පාසල 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥා පනතේ 51 වන වගන්ති ප්‍රකාරව පිහිටුවා ඇති මෙම පාසල වෙත අධිකරණ නියෝග මත අවුරුදු 12 – 16 අතර නීතිය සමඟ ගැටුණු දරුවන් පුනරුත්ථාපනය සදහා යොමු කරයි.
මෙම දරුවන් වසර 3ක කාලයක් සඳහා නේවාසිකව තබා විධිමත් පාසල් අධ්‍යාපනය ලබාදෙන අතරතුර ඊට සමගාමීව ආයතනය පරිශ්‍රය තුළදී විදුලි කාර්මික පුහුණුව කොණ්ඩා කැපීම පරිගණක පුහුණු වැඩසටහන් පෑස්සුම් පුහුණුව .බේකරි පාඨමාලා ආදී අවස්ථානුකූලව විවිධ වෘත්තිය පුහුණු පාඨමාලා, චිත්‍ර ,ජීවන කුසලතා ආදී පුහුණු වැඩසටහන් සඳහා ඔවුන් යොමු කරනු ලබයි. එමගින් ඔවුන්ගේ අනාගත අරමුණු තීව්රර කරන අතර කායික හා මානසික ශක්තිමත් භාවය වර්ධනය කරයි.
බාලක සහතික කල පාසල,
ඥාණමොලි මාවත,
මාකොල.