ආයතන අංශයේ කාර්යයන්

♦ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ සියළු රාජකාරි කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටි සකස් කිරිම, තනතුරු අනුමත කර ගැනීම සම්බන්ධ සියළු කටයුතු

♦ සේවක සංඛ්‍යා තොරතුරු සහ පුරප්පාඩු සම්බන්ධ සියඵ තොරතුරු, සේවක සංඛ්‍යා ලේඛන සම්බන්ධ තොරතුරු සකස් කිරිම සහ අවශ්‍ය විට ලබාදිම

♦ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැටුප් ඇස්තමේන්තුව සකස් කිරීම හා ඒ සම්බන්ධ සියළු කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු සහ ඒ සම්බන්ධ සියඵ කටයුතු

♦ නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම සහ අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සම්බන්ධ සියළු කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ අග්‍රහාර රක්ෂණ සම්බන්ධ සියළු කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් පුහුණු වැඩ සටහන් සඳහා යොමු කිරීම සම්බන්ධ සියළු කටයුතු

♦ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට අදාළ කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ /සේවකයින්ගේ ණය ලබාදීමේ කටයුතු

♦ සියළුම පරිවාස කාර්යාල සහ දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල ජල, විදුලි, දුරකතන, ගෑස්, පුවත්පත්, ඖෂධ සහ කාර්යාල කුලී බිල්පත් හා එයට අදාළ බඳුගිවිසුම්, වරිපනම් බිල්පත් ආදියට අදාළ ගෙවීම් කටයුතු හා එයට අදාළ සියළු කටයුතු

♦ දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු, සනිපාරක්ෂක කටයුතු සහ පිරිසිදු කිරිම් කටයුතු වලට අදාල සියළු කටයුතු

♦ දෛනික වැටුප්/නිල ඇඳුම් දිමනා/කම්කරු දිමනා ආදි දීමනා සම්බන්ධ කටයුතු

♦ දෙපාර්තමේන්තුවට අයත් වාහන නඩත්තු කිරීම, අපහරණය ආදි වාහන සම්බන්ධ සියඵ කටයුතු

♦ අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධ සියළු කටයුතු සහ ඒ සම්බන්ධ සියළු ගෙවිම් කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ යන්ත්‍රසුත්‍ර නඩත්තු සම්බන්ධ සියළු කටයුතු