ප්‍රමුඛ ක්‍රියාකාරකම්

අනාථ, අත්හල, අසරණ, අබාධිත , අපයෝජනයට ලක් වූ හා අධිකරණ නියෝග මත යොමු කෙරන දරුවන් හට මානසික හා කායික රැකවරණය සැලසීම, පුනරැත්ථාපනය හා සමාජගත කිරීම

  • පරිවාස භාරයේ තබා ඇති වරදකරුවන් පිළිබඳව ස්වභාවය තේරුම් ගැනීම ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදීම ඔවුන් යහපත් මාර්ගයේ යැවීම සහ පුනරුත්ථාපන කටයුතු සිදු කර සමාජගත කිරීම.

  •  සහතික කළ පාසල් මාර්ගයෙන් පුනරුත්ථාපනය කළ යුතු ළමුන් හා යෞවනයින් පිළිබඳ ස්වභාව තේරුම් ගැනීම සහ ඒ අනුව සුදුසු ප්‍රතිකර්ම යෙදීම ඔවුන් තුළින් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම.

  •  ආයතනගත ළමුන්ට භාරය ආරක්ෂාව සැලසීම, අධිකරණ නියෝග මත තාවකාලික රැඳවුම් භාරය හා පහසුකම් ලබා දීම.

  • ළමා සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන් හා රජයේ මධ්‍යස්ථානගත ළමුන්ට පාසල් හා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම හා විවිධ වැඩමුළු, සංස්කෘතික, ආගමික උත්සව පැවැත්වීම මගින් එම දරුවන් සමාජගත කිරීමට පසුබිම නිර්මාණය.

  • ආයතනගත ළමුන් රැකියා ගත කිරීම.

  • විවාහ වීමේ නිසි වයස් පූර්ණත්වයට පත් ආයතනගත තරුණ තරුණයින් විවාහ කරදීමට අවශ්‍ය පහසුකම් සැලසීම

  • අපරාධ නීතිය යටතේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන ළමුන් අධිකරණ තීරණය ලැබෙන තෙක් ආරක්ෂිතව තබා ගැනීම.

  • අනාථ අත්හල දරුවන් හදා වඩා ගැනීම සඳහා දේශීය සුදුසු පුද්ගලයින්ට  ලබාදීම.

  • ආයතනගතවූ ළමුන් දෙමාපියන්ට, ඥාතීන්ට, භාරකරුවන්ට භාරදීම

  • නිවාසගත ළමුන්ගේ සුබ සාධනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් දීමනා ලබා දීම.

  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නැවත ලියාපදිංචි කිරීම

  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිති මට්ටම් ඉහල නැංවීම සහ මධ්‍යස්ථාන ශ්‍රේණිගත කිරීම

  • ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල අලුත්වැඩියාවන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීම

ආයතනගත වීම අවම කිරීම

  • අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට සිසුමිණ ශිෂ්‍යාධාර වැනි අධ්‍යාපන ආධාර ලබාදීම මගින් ඔවුන්ගේ අධ්‍යාපනකටයුතු නංවා ලීම
  • පළාතේ සිටින ආයතනගත වීමේ අවදානම ඇති අඩු ආදායම් ලා‍‍‍භී පවුල් වල දරුවන්ට පාසල් උපකරණ ලබා දීම හා ඒම පවුල් සවිබල ගැන්වීමට ආධාර ලබා දීම
  • සුදුසු පුද්ගල භාරකාරත්වය, පරිලෝචන නියෝග හා පරිවාස නියෝග යටතේ ළමුන් හා වැඩිහිටියන් සමාජය තුල සිටියදීම රැකබලා ගැනීම
  • ළමා අපයෝජන වැළැක්වීම මත්ද්‍රව්‍ය භාවිතය ළමුන් යොමු වීම හා ළමා අයිතිවාසිකම් රැකදීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

දෙපාර්තමේන්තු සැලසුම් හා කළමණාකරණ මට්ටම ඉහළ නැංවීම

  • අධිකරණ සඳහා නිර්දේශ වාර්තා ලබා දී සහයවීම හා පවුල් ගැටුම් නිරාකරණය කිරීම
  • දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන 17 හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
  • කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා සේවක සුබසාධන කටයුතු සංවිධානය කිරීම