සේවා අංශයේ කාර්යයන්

♦ දෙපාර්තමේන්තුවේ සෘජු පාලනය යටතේ පවතින සහතික කල පාසැල්, රැඳවුම් නිවාස, රජයේ භාර ගැනීමේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය යන ආයතන වල කටයුතු පූර්ණ අධික්ෂණය කිරීම සහ එම ආයතන වල සේවා, ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු

♦ ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන, අළුතින් ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අළුත්කිරිම සහ ආයතන වසා දැමිම ආදි කටයුතු

♦ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල ළමුන් පිටතට රැගෙන යාමට අවසර ලබාදීම සහ භාරකරුවන්ට භාරදීමට අදාල කටයුතු

♦ ආයතන ගත ළමුන් සමාජගත කිරීමට අදාල කටයුතු

♦ බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට දරුවන් ඇතුලත් කිරිම හා මාරු කිරිම සම්බන්ධ සියඵ කටයුතු සහ දරුවන්ගේ නේවාසික කාලය දීර්ඝ කිරීමට අදාල සියළු කටයුතු

♦ පරිවාස, පරිලෝචන ලිපිගොනු සම්බන්ධ කටයුතු

♦ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මහජනයාගෙන් ලැබෙන පැමිණිලි,පෙත්සම් සහ අධිකරණයෙන් කැඳවන වාර්තා සම්බන්ධ කටයුතු

♦ දරුවන් සඳහා පවත්වන සංස්කෘතික, ආගමික හා වෙනත් උත්සව , වැඩමුඵ හා වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම සහ සම්බන්ධීකරණය

♦ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින අනුමැතිය නොලද දරුවන්ට දෙපාර්තමේන්තු අනුමැතිය ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරිම

♦ සිසුමිණ ශිෂ්‍යාධාර, සුදුසු පුද්ගල ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

♦ දෙපාර්තමේන්තුවේ සෘජු පාලනය යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කිරිමට අවශ්‍ය වන අධ්‍යපනය හදාරණ සිසුන්ට එම කටයුතු ඉටු කර ගැනීම සඳහා අවසරපත් නිකුත් කිරිම

♦ දරුවන් හදාවඩා ගැනීමට දීමට අදාල කටයුතු

♦ දරුවන් හදාවඩා ගැනීමට ඉල්ලුම්කරන ඉල්ලුම්කරුවන් සම්බන්ධ කටයුතු

♦ බස්නාහිර පළාතේ දරුවන්ගේ තොරතුරු කැඳවීමට අදාල සියළු රාජකාරි කටයුතු