ගිණුම් අංශයේ කාර්යයන්

♦ දෙපාර්තමේන්තුවේ නිල බැංකු ගිණුම පවත්වා ගෙනයාම සහ නඩත්තු කිරිමේ කටයුතු

♦ මුදලින් සහ චෙක්පත් වලින් ලැබීම් සදහා ලදුපත් නිකුත් කිරිම, බැංකුගත කිරිම හා ඒ සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ සියඵම නිලධාරින්ගේ සහ සේවකයින්ගේ වැටුප් සකස් කිරිම, වැටුප් ගෙවීම හා වැටුප් ලේඛන පවත්වා ගෙන යාමේ කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු, විසර්ජන ගිණුම, මාසික ගිණුම් වාර්තා, බැංකු සැසඳුම් පිළියෙල කිරීම හා යාවත්කාලිනව පවත්වාගෙන යාමේ කටයුතු

♦ විසර්ජන වැය ලෙජරය පවත්වා නඩත්තු කිරිමේ කටයුතු

♦ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන නිදහස් කිරිම, මාරු කිරිම හා ගිණුම්ගත කිරීමේ කටයුතු

♦ වෙනත් දෙපාර්තමේන්තු වලින් ලැබෙන ප්‍රතිපාදන මත වැය දැරිම හා හර නිවේදන මඟින් වැය තොරතුරු අදාල දෙපාර්තමේන්තුව වෙත යැවීමේ කටයුතු

♦ පළාත් රාජ්‍ය නිලධාරින්ගේ අත්තිකාරම් ගිණුමේ ණය ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන යාම, පාලන ගිණුම පවත්වාගෙන යාම හා සැසඳීම් කටයුතු

♦ දෙපාර්තමේන්තුව හා ඒ යටතේ පවත්නා ආයතන වල වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කිරිම හා සමීක්ෂණ මණ්ඩල වාර්තා අනුව අවශ්‍ය කටයුතු කිරිම

♦ අග්‍රිම ගිණුම පවත්වාගෙන යාම, ප්‍රේෂණ ගිණුම පවත්වාගෙන යාම, ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ප්‍රේෂණය කිරිම, සැසඳීම හා අදාළ වාර්තා යැවිම සහ වාර්ෂික අක්මුදල් ප්‍රකාශය සකස් කිරීම හා මාසික අක් මුදල් පුරෝකථනය සකස් කිරීම

♦ මුදල් පොත පවත්වාගෙන යාම, චෙක්පත් ලිවීම හා අගරු චෙක්පත් සම්බන්ධව කටයුතු කිරිම

♦ ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරිම, එම කමිටු රැස් කිරිම හා ප්‍රසම්පාදන කමිටු තීරණ දැනුම්දිමේ කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ මිළඳී ගැනිම සඳහා මිළ ගණන් කැදවීම, ප්‍රසම්පාදන කමිටුවට වෙත ඉදිරිපත් කිරීම සහ තීරණය අනුව මිළ දී ගැනිම

♦ දෙපාර්තමේන්තුවේ ගිණුම් සාරාංශ පිළියෙල කිරීම (CIGAS)

♦  ප්‍රධාන කාර්යාලයේ ගබඩාව භාරව කටයුතු කිරිම, භාණ්ඩ භාර ගැනීම, නිකුත් කිරිම හා ඊට අදාල පොත්පත් හා ලේඛන යාවත්කාලිනව පවත්වාගෙන යාම

♦ ගිණුම් ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යාම