2022 ලෝක ළමා දිනය

ආයතනගත දරුදැරියන් හට මානසික සුවය හා රසවින්දන අත්දැකීම් ලබා දීම සඳහා , 2022 ලෝක ළමා දිනයට සමගාමීව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සම්පත්දායකත්වයෙන් , බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ “හෙට පිපෙන මල් – අපේ දරුවෝ” රසවින්දන වැඩසටහන 2022.10.08 දින රම්මුතුගල සහතික කළ පාසලේදී පවත්වන ලදී.එමෙන්ම එදින ළමා දිනය සිහිපත් වීම වස් පලතුරු පැල සිටුවීමේ කටයුත්තක් ද සිදු කරන ලදී.