*”හීන වලට පාර කියන්න”*

2023 ලෝක ළමා දිනයට සමගාමීව බස්නාහිර පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව රැකවරණය ලබන දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීම සඳහා 2023.10.05 දින බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ පිවිසුම් පරිශ්‍රයේදී දරුවන්ගේ චිත්‍ර අත්කම් හා වීදි නාට්‍ය ප්‍රදර්ශනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී.
මෙම ප්‍රදර්ශනය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆොස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභාපති සුනිල් විජේරත්න මැතිතුමා, බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මැතිතුමන්ගේ මෙන්ම සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක කාන්තා කටයුතු සභා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ .ගාමිණී ධර්මසේන මැතිතුමාගේ ද සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පවත්වන ලදී. එමෙන්ම බස්නාහිර පළාතෙහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම උත්සවය සඳහා සහභාගි වූ අතර බස්නාහිර පළාතෙහි ළමා සංවර්ධන මධ්‍යස්ථානවල කළමනාකරුවන් සහ දරු දැරියන් ද මෙම ප්‍රදර්ශනය කටයුතු සඳහා සහභාගි වන ලදී.