Entries by proadmads

දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිවාසාචාර්ය/සහකාර නිවාසාචාර්ය/වොර්ඩ්න්/උපවෝර්ඩ්න්/මේට්‍රන්/සහකාර මේට්‍රන් සහ වෘත්තීය උපදේශක යන තනතුරු සඳහා වන පළමු,දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සඳහා බස්නාහරි පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020.01.17 වේ.

බස්නාහිර පළාත් කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

බස්නාහිර පළාත් කාර්යාල සේවක සේවයේ පළමු හා දෙවන ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2020.01.10 දින බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

ළමා අපයෝජන වැළැක්වීම හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන – සාලාව

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ළමා අපයෝජන වැළැක්වීම හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 20 වන දින කොස්ගම, සාලාව ප්‍රාදේශිය රෝහල් ශ්‍රවණාගාරයේ දී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වේ